සංචාරක පකිස්ථාන් ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය මේ වන විට බංග්ලාදේශයේ ඩකාහිදී ආරම්භ වී තිබෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් පකිස්ථානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව බංග්ලාදේශ කණ්ඩායමට ලබාදුන්නා.
තරගාවලියේ පළමු තරගයෙන් සත්කාර බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කළා.
අද දින තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස මේ වන විට ආරම්භ වී තිබෙනවා.
මේ අතර නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම් සහභාගි වන විස්සයි විස්ස තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගයද මේ වන විට පැවැත්වෙනවා.
ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතරයි.
තරගය හරාරේහිදී පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.
ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පැමිණි දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 16ක් අවසානයේ කඩුලු පහකට ලකුණු 104ක් ලබාගෙන සිටිනවා.
නොදැවී පන්දුවට පහර දෙන රීසා හෙන්ඩික්ස් ලකුණු 38ක් ලබා සිටිනවා.