ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ජුනි 29 දක්වා පැවැත්වීමට නියමිත රැස්වීම් පිළිබඳ ප්‍රසිද්ධියට පත් කර ඇතැයි වාර්තා වනවා.එහෙත් එම ලැයිස්තුවට පකිස්තානය ඇතුළු කර නොමැති බවයි වාර්තා වන්නේ.
මෙම තත්ත්වය වාර්තා වන්නේ ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා පකිස්තානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කඩිනම් ණය සහනයක් අපේක්ෂාවෙන් පසුවන අවස්ථාවකදීයි.
අර්බුදයෙන් ගොඩඒම සඳහා පකිස්තානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇති ණය සහනය අමෙරිකානු ඩොලර් බිලියන 6.5 ක්.
එහෙත් ආර්ථික අර්බුදය උග්‍රවීම හමුවේ පකිස්තානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියන 1 ක කඩිනම් ණය සහනයක් ඉල්ලා තිබෙනවා.
එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සපුරාලීමට හෝ දෙපාර්ශවය අතර අවසන් එකගතාවකට එළඹීමට පකිස්තානය අපොහොසත් වීම හමුවේ IMF ණය සහනය තවදුරටත් ප්‍රමාද වීමට එය හේතු වී තිබෙනවා.
උණුසුම් පුවත්
- බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට
- දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
- පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට
- මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට
- සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්
- නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
- මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
- දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්













