Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අප්‍රේල් 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පක්ෂයේ සාමූහික තීන්දුව අනුව මගේ නාම යෝජනාවත් ඉවත් කර ගන්නවා.

    පක්ෂයේ සාමූහික තීන්දුව අනුව මගේ නාම යෝජනාවත් ඉවත් කර ගන්නවා.

    2024-10-11කියවීමට මිනිත්තු 4ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සමගි ජන බලවේගය සමග එක්සත් ජනරජ පෙරමුණ අතර පැවති අවබෝධතා ගිවිසුමේ කොන්දේසි සමගි ජන බලවේගය පාර්ශවයෙන් ඒ ආකාරයට ඉෂ්ට නො වීම හේතුවෙන් තම පක්ෂය මැතිවරණ ක්‍රියාවලියෙන් ඉවත් වීමට ගන්නා ලද තීරණයට එකඟ වෙමින් තමන් විසින් රත්නපුර දිස්ත්‍රික්කයට සමගි ජන බලවේගයෙන් මහ මැතිවරණය සඳහා අත්සන් කරන ලද නාම යෝජනාව ඉවත් කර ගැනීමට කටයුතු කළ බව එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩල සභාපති, හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන මහතා ප්‍රකාශ කරයි.

    ගිවිසුම ප්‍රකාර ව තම පක්ෂය වෙත ජාතික ලැයිස්තුව මන්ත්‍රී ධුරයක් හිමි වූ බවත්, ගැටලුව වූයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය නොව පක්ෂය සඳහා ලැබුණු නාම යෝජනා කෝටාව බවත් හෙතෙම සඳහන් කළේ ය.

    අද (11) පෙරවරුවේ එක්සත් ජනරජ පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ කරු පරණවිතාන මහතා;

    “එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී සමගි ජන බලවේගය හා එක් ව එක්සත් ජනරජ පෙරමුණ තරග කරන්නට අවබෝධතා ගිවිසුමක් තිබුණා. ඒ සම්බන්ධයෙන් දැනට මතු වෙලා තිබෙන අර්බුදය සම්බන්ධයෙන් රටේ ජනතාවටත් ඒ වගේ ම විශේෂයෙන්ම මම නියෝජනය කරන රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවටත් කිසියම් පණිවිඩයක් ලබා දීමටයි.  පසුගිය ජනාධිපතිවරණයේ දී අපේ පක්ෂ දෙක සජිත් ප්‍රේමදාස මැතිතුමාට ජනාධිපතිවරණයේ සහයෝගය ලබා දීම සඳහා අපි අවබෝධතා ගිවිසුමක් ප්‍රකාශයට පත් කළා. ඒ අවබෝධතා ගිවිසුම පක්ෂය වෙනුවෙන් ප්‍රකාශයට පත් කළෙත් මා විසින් ම යි. ඒ අනුව අපි දෙගොල්ලෝ එකඟ වුනා ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහයෝගය ලබා දෙන්ටත් ඒ ජනාධිපතිවරණයේ දී මොන ප්‍රතිඵලය ආවත් ඊළඟ මහ මැතිවරණයේ දී එක්සත් ජනරජ පෙරමුණේ දිස්ත්‍රික් එකොළහකට අපේක්ෂකයෝ එකොළහක් සඳහා නාම යෝජනා ලබා දීමටත් දෙපාර්ශවය එකඟ වුනා. නමුත් අපට පෙනී ගියා ඒ අවබෝධතා ගිවිසුමේ කොන්දේසි ඒ ආකාරයට ඉෂ්ට වෙලා නැති බව. ඇත්තෙන්ම මම රත්නපුර දිස්ත්‍රික්කයේ අපේක්ෂකත්වය මට ලැබිලා තිබුණා. මම නාම යෝජනාත් අත්සන් කළා. මම රත්නපුරේ වැඩ කටයුතු කරමින් ඉඳලා, ඊයේ මගේ වත්කම් ප්‍රකාශය භාර දෙන්න එන කොට, මට දැන ගන්න ලැබුණා, අපේ පක්ෂයට ලැබිය යුතු ඒ මන්ත්‍රී නාම යෝජනා කෝටාව ඒ ආකාරයෙන් ම ලැබිලා නැහැ. දෙක, තුනක් ලැබිලා තිබුණා. නමුත් අවබෝධතා ගිවිසුම උල්ලංඝනය වෙලා තිබෙනවා කියලා. අපේ පක්ෂය තීන්දු කරලා තිබුණා. ඉතින් අපේ පක්ෂයේ මතය වෙලා තිබෙන්නේ එසේ අවබෝධතා ගිවිසුම උල්ලංඝනය කරලා තිබෙන නිසා අපි සමස්තයක් හැටියට මේ මැතිවරණ ක්‍රියාවලියෙන් අපි අයින් විය යුතු බව පක්ෂය තීන්දු කරලා ඒ බව අපේ පක්ෂයේ නායක පාඨලී චම්පික රණවක මැතිතුමා මාධ්‍යයටත් දැනුම් දුන්නා.

    එසේ දැනුම් දීලා තිබෙද්දීත් මට විශේෂ පැහැදිලි කිරීමක් කරන්නට අවශ්‍ය වෙලා තිබෙනවා. විශේෂයෙන්ම රත්නපුරේ ජනතාවට. පසුගිය කාලයේ මං මන්ත්‍රීවරයෙක් ව නො සිටිය කාලේ විශාල මා සමඟ එකට ආදරයෙන් බැඳිලා වැඩ කරමින් හිටියා. ඇත්තෙන්ම මේ ජනාධිපතිවරණ ව්‍යාපාරය ඇතුළත ඊයේ වෙනකම් මැතිවරණ ව්‍යාපාරය ඇතුළතත් අති විශාල ජනතාවක් රත්නපුර දිස්ත්‍රික්කයේ ආසන අටේ ම මාත් සමඟමත් ඒ වගේ ම අපේ සමගි ජන බලවේගයේ කණ්ඩායමත් සමඟමත් සමගියෙන් බෙදිලා ඒ මැතිවරණ ව්‍යාපාරය ඉතා හොඳින් කර ගෙන යන්න අපිත් එක්ක දායක වුනා. ඉතින් මං මේ වෙලාවේ ඉතා ම කනගාටුවෙන් නමුත් රත්නපුර දිස්ත්‍රික් රටේ ජනතාවට මට කියන්න තියෙනවා අපේ පක්ෂය ගත්ත තීන්දුවත් එක්ක මම සාමූහික ව බැඳී සිටිනවා. ඒ තීන්දුවට අනුව මගේ නාම යෝජනාව මම ඉවත් කර ගන්නවා කියලා. මම ඒ බව සමගි ජන බලවේගයේ අපේ දිස්ත්‍රික් කළමනාකාර මංජුල විජේරත්න මහතාට මම දැනුම් දුන්නා. ඒ අනුව මම හිතන්නේ මේ වන විට මගේ නම ඉවත් කරලා වෙන නමක් දාලා තිබෙනවා. කොහොම වුනත් ඒ රත්නපුර නායකයෝ මොන තීන්දු ගත්තත් ඉහළ මට්ටමේ දී, මම දන්නවා රත්නපුර දිස්ත්‍රික්කයේ අපේ සමගි ජන බලවේගයේ කණ්ඩායම ඉතා ම හොඳ කණ්ඩායමක්. ඒ අය ඉතා ම සමගියෙන් මැතිවරණ ව්‍යාපාරයේ කටයුතුවල නියැලිලා සිටිනවා. ඒ වගේ ම තමයි ජනාධිපතිවරණ පරාජයක් තිබුණා. රත්නපුර දිස්ත්‍රික්කයේ ඉතා ම අඩුවෙන් පරාජය වුණේ. සමහර ආසන, විශේෂයෙන්ම අපි වැඩ කරපු ආසන, පැල්මඩුල්ල, නිවිතිගල, රක්වාන, බලංගොඩ, කලවානේ ආදී ප්‍රදේශ ඉහළ ජයග්‍රහණ සමගි ජන බලවේගයට ලැබිලා තිබුණා. ඒ ජනතාවගේ තව වෙනකම් වෙනස් වෙලා නෑ.

    එම නිසා මම කියන්නේ මගේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඉහළ මට්ටමේ මොන තීන්දු ගත්තත් ඒ සමගි ජන බලවේගයේ නියෝජන කණ්ඩායමේ ඉන්නවා. මම නො හිටියත් පාර්ලිමේන්තුවේ සිටිය යුතු ඉතාමත් ම හොඳ මන්ත්‍රීවරු, අපේක්ෂකයෝ ඉන්නවා. ඒ සියලු දෙනාට ම තමුන්නාන්සේලාගේ සහයෝගය උපරිම ආකාරයට ලබා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා රත්නපුරේ ජනතාවගෙන්. මගේ සහයෝගය පුද්ගලික මට්ටමින් ඒ අයට ලැබෙනවයි කියන එක මං මේ වෙලාවේ සඳහන් කරනවා. දේශපාලනයේ ඉතින් මේ වගේ දේවල් අපිට අලුත් දේවල් නෙවෙයි. මේ වගේ දේවල් සිද්ධ වෙනවා. පක්ෂයක් හැටියට අපි සාමූහික තීන්දුව අනුව වැඩ කර ගෙන යනවා. ඉතින් මගේ අපේක්ෂකත්වය මම මේවා මේ වෙලාවේ අවසන් වුණත් මගේ දේශපාලන කටයුතු මෙතෙකින් අවසන් කරනවා.

    පෙර පුව​ත‘PO LANG’ පුහුණු රුවල් යුද නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි
    ඊළඟ පුව​ත සෞදි අරාබියේ රියාද් බලා පිටත්ව ගිය ගුවන් යානය ආපසු කටුනායකට

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group