නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ(ලංකා කම්කරු කොංග්‍රසයේ)හිටපු සභාපති සහ වත්මන් නාගරික මන්ත්‍රී රවී කුලුදුවේල් මහතා තම කාර්යාලයට අද(21) දින පැමිණ තමන්ට තර්ජනය කළ බව නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ වත්මන් සභාපති ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා(ජාජබ) පවසනවා.
හිටපු සභාපතිවරයා තමන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් හැටන් සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට පැමිල්ලක් කිරීමට තමන් පැමිණි බවත් එහිදී කාර්යාලයෙන් එම පැමිණිල්ල බගවන්තලාව පොලිසියට කරන ලෙස ලැබුණු උපදෙස් මත තමන් බගවන්තලාව පොලිසියට පැමිණිල්ලක් සිදු කළ බවයි සභාපතිවරයා කියා සිටියේ.
තම ප්‍රාදේශීය සභාවේ පුස්තකාල සහයකයෙකු ලෙස තරුණියක් වසරක කාලයක් සේවය කර වැටුප් ලබාගෙන තිබූ බවත් එම තරුණිය සේවයට බඳවාගෙන ඇත්තේ හිටපු සභාපතිවරයා බවත් මත්මන් සභාපතිවරයා පවසනවා.
පුස්තකාල සහායිකාවගේ අධ්‍යාපන සුදුසුකම් පරීක්‍ෂා කිරීමේදී ව්‍යාජ ලෙස සකස් කරන ලද අධ්‍යාපන සුදුසුකම් සභාව වෙත ඉදිරිපත් කර පත්වීම ලබාගෙන ඇති නිසා සභාවේ ලේකම්වරයා විසින් ඇයගේ සේවය ඊයේ(20) දින සිට පරීක්‍ෂණයකට යටත්ව තාවකාලිකව අත්හිටුවා ඇති බවත් එම සේවාකිව තම නිවසට අද(21) දින පැමිණ තමන්ව සේවයෙන් ඉවත් නොකරන ලෙසට ඉල්ලීමක් කළ බවයි සභාපතිවරයා කියා සිටියේ.
නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා විසින් නීත්‍යානුකූලව ඇයව තාවකාලිකව සේවයෙන් ඉවත් කර ඇති බවත් එයට තමන්ට කිසිඳු බලපෑමක් කිරීමට නොහැකි නිසා තමන්ට අසාධාරණයක් සිදුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන ලෙස ඇයට උපදෙස් ලබාදුන් බවයි සභාපතිවරයා කියා සිටියේ.
ඉන් අනතුරුව තමන් අද(21) උදෑසන නෝර්වුඩ් ප්‍රාදේශීය සභා කාර්යාලයේ සිටින අවස්ථාවේ හිටපු සභාපතිවරයා තම කාමරයේ දොර තල්ලු කරගෙන පැමිණ බලෙන් පුටුව මත වාඩි වී තමාගේ පෞද්ගලික වැඩකටයුතුවලට බාධා නොකරන ලෙසත් තමන්ට සභාපති ධුරයේ වැඩකටයුතු සිදුකරගෙන යාමට ඉඩ ලබානොදෙන බව තර්ජනය කරමින් හිටපු සභාපතිවරයා කාර්යාලයෙන් පිටව ගිය බවයි වත්මන් සභාපති ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා පවසන්නේ.
නමේ සම්බන්ධයෙන් මධ්‍යම පලාත් පාලන කොමසාරිස්වරියට දැනුම් දුන් බවත් කොමසාරිස්වරියගේ උපදෙස් මත තමන් පැමිණිල්ලක් කිරීමට පැමිණි බවයි වත්මන් සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.
අප මේ සම්බන්ධයෙන් එම සභාවේ හිටපු සභාපතිවරයාගෙන් කරුණු විමසීමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය.