නඩත්තු කටයුත්තක් හේතුවෙන් අක්‍රිය තත්ත්වයේ පැවති නොරොච්චෝලේ ලක්විජය බලාගරයේ තුන්වන ජනන යන්ත්‍රය මේ වනවිට ජාතික පද්ධතියට එක් කිරීම ආරම්භ කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
ඒ අනුව ජාතික පද්ධතියට අද දිනය තුළ මෙගාවොට් 300 ක ධාරිතාවක් එක් වන බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා සඳහන් කළේ.
දිවයින පුරා හදිසි විදුලිය බිදවැටීමක් සිදු වූ පෙරේදා දිනයේ නොරොච්චෝලේ පළමු ජනන යන්ත්‍රය ද අක්‍රිය වූ අතර ඒ අනුව දෙවන ජනන යන්ත්‍රය පමණක් ක්‍රියාත්මක තත්ත්වයේ පැවතුණා.
තුන්වන ජනන යන්ත්‍රය නඩත්තුවෙන් පසු පෙර සූදානම් තත්ත්වයේ තිබූ අතර එහි මෙගා වොට් 300 ක ධාරිතාව අද දිනය තුළ ජාතික විදුලිබල පද්ධතියට මෙලෙස එක් වනු ඇති බව සදහන්.