ඉදිරි සතිය තුල ව්‍යාකුල තත්වයකට මුහුණ දීමට සිදු වනු ඇති බව ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති ශෙහාන් සුමනසේකර මහතා පවසනවා.
ඒ ගල්අඟුරු මිලදී ගැනීමට අවශ්‍ය මුදල් සපයාගැනීමට නොහැකිවුවහොත් බවයි ඔහු සදහන් කලේ.
මේ හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරය ක්‍රියාත්මක කිරීම අර්බුදයක් විය හැකි බවද ඔහු පෙන්වා දුන්නා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඉදිරි සතිය වෙනුවෙන් පමණක් ගල් අඟුරු මිලදී ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් මහ බැංකුවෙන් ලබාගැනීම සඳහා රුපියල් බිලියන 15 යි දශම 3ක මුදලක් කඩිනමින් සපයාගත යුතු බවයි.
මේ ශෙහාන් සුමනසේකර මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් පලකල අදහස්.
හඬ පට ධාවකයමේ අතර නවම් පොහෝ දිනය යෙදී ඇති අද දිනයේ ද විදුලි කපාදුව සිදු වනු ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය ඊයේ නිවේදනය කළා .