හදිසි බිඳ වැටීමකට ලක්වූ නොරොච්චෝලේ බලාගාරයේ දෙවන ජනන පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමෙන් අනතුරුව යළි ජාතික පද්ධතියට අද(16) එක් කළ බව ලංකා විදුලි බලමණ්ඩලය පවසනවා.
ලංකා විදුලිබලමණ්ඩලය කියා සිටියේ එම ජනන යන්ත්රය ඇති වූ හදිසි බිඳ වැටීම හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 270ක් අහිමි වූ බවයි.
අගෝස්තු මස 8 වනදා අදාළ ජනන යන්ත්රය බිඳ වැටීමට ලක්වූවා.