පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් සිව්දෙනෙක් තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තණමල්විල, බටුවැව ප්‍රදේශයේදී තණමල්විල පොලිස්යේ නිලධාරීන් කණ්ඩායමන් විසින් ලද තොරතුරක් මත සිදු කරන ලද වැටලීමකදී මෙලෙස පුරාවස්තු සෙවීමේ අරමුණින් කැනීම් කරමින් සිටි සැකකරුවන් සිව්දෙනෙක් කැනීම් උපකරණ සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් වයස අවුරුදු 45ත් 58ත් අතර පසුවන හිඟුරාන, අම්බලන්තොට සහ මහවැව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.
තණමල්විල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













