නේපාල රජය එරටට පනවා තිබූ සමාජ මාධ්‍ය තහනම ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
සමාජ මාධ්‍ය ජාලා ලියාපදිංචි කිරීමට නේපාල රජය පනවා ඇති රෙගුලාසි සම්පූර්ණ නොකිරීම හේතුවෙන් එම සමාජ මාධ්‍ය රට තුළ ක්‍රියාත්මක කිරීම අවහිර කිරීමටයි පසුගියදා පියවර ගැණුනේ.
ෆෙස්බුක්, යූටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා 26 ක් ඊට ඇතුළත්.
කෙසේ වුවද රජයේ එම පියවරට විරෝධය පළකරමින් නේපාලයේ තරුණ කණ්ඩායම් විරෝධතා ආරම්භ කළා.
මෙම විරෝධතා අතරතුරදී පොලීසිය සමග හටගත් ගැටුම්වලින් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ පැවති විශේෂ කැබිනට් හමුවකින් අනතුරුව සමාජ මාධ්‍ය ජාලා තහනම ඉවත් කිරීමට තීරණය කළ බව නේපාල රජය නිවේදනය කළා.