නේපාලයේ රෝල්වාලින් කඳු පන්තියේ පිහිටි යාලුන්ග් රී කඳවුරු භූමිය ප්‍රදේශයේ හටගත් දරුණු හිම කුණාටුවකින් කඳු නගින්නන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මියගිය අය අතර විදේශිකයන් පස් දෙනෙකු සහ නේපාල ජාතික මාර්ගෝපදේශකයන් දෙදෙනෙකු සිටින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කලේ.
තවත් නේපාල කඳු නගින්නන් සිව් දෙනෙකු අතුරුදන්ව ඇති අතර, සිව් දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වනවා.













