ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නේපාලයේ අන්තර්වාර අගමැතිනි සුෂිලා කර්කි සමඟ දුරකථන සංවාදයක් පවත්වා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
නේපාලයේ විරෝධතා අතරතුර සිදුවූ ජීවිත අහිමිවීම් සම්බන්ධයෙන් එහිදී බන්දීය අග්‍රාමාත්‍යවරයා සිය ශෝකය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.
දෙරට අතර විශේෂ සබඳතා ශක්තිමත් කිරීම සඳහා කටයුතු කිරීමට ඉන්දියාවේ සූදානම සහ සාමය මෙන්ම ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
නේපාල ජනතාවගේ ප්‍රගතිය සඳහා දරන ප්‍රයත්නයන් සඳහා ඉන්දියාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බවයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.
මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, නේපාලයේ අභිනව අගමැති කර්කිගේ පත්වීම පිළිබඳ ඉන්දීය රජය සහ ජනතාව වෙනුවෙන් ඇයට සුබ පැතුම් එක් කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය මේ බව සදහන් කළා.
උණුසුම් පුවත්
- ජූලි චන්ග් සහ හිටපු ජනාධිපති මහින්ද අතර හමුවක්
- අධිවේගයේ ධාවනය කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
- විදුලිසැර වැදී අඹුසැමි යුවළක් ජිවිතක්ෂයට
- මත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන ධාවනයේ යෙදෙන රියදුරන්ට දැනුම්දීමක්
- ජනපති ට්‍රම්ප්ගෙන් ඉරාන බලධාරීන්ට අනතුරු ඇඟවීමක්
- රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර නව ගිවිසුමක්
- මියන්මාරයෙන් මෙරටට සහල් පරිත්‍යාගයක්
- ජනපති සහ අගමැති ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් හමු වෙයි











