නේපාලයේ පැවැති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් එරට සංචාරක අංශයට බලපෑම් එල්ල වී තිබෙනවා.
නේපාලයේ සංචාරක පැමිණීම 30% කින් පහත වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
නේපාල සංචාරක අධිකාරිය, හෝටල් හිමියන් සහ සංචාරක සංවිධායකයින් පැවසුවේ පසුගිය වසරේ මෙම කාලයට වඩා සංචාරක පැමිණීම් 30% කින් පහත වැටී ඇති බවයි.
එමෙන්ම ඇතැම් සංචාරක වෙන්කර ගැනීම ද අවලංගු කර ඇති බවි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
කත්මණ්ඩු නුවර කාර්යබහුල සංචාරක මධ්‍යස්ථාන, සාප්පු, සහ අවන්හල් පාළුවට ගොස් ඇති බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ .
නේපාලයේ පැවැති විරෝධතා හේතුවෙන් පුද්ගලයින් 72කු ඡීවිතක්ෂයට පත් වුණා.
නේපාලයේ කත්මණ්ඩු අගනුවර පාර්ලිමේන්තුව අබියස පසුගියදා විරෝධතා ආරම්භ වූයේ සමාජ මාධ්‍ය ජාලා 26ක් තහනම් කිරීමට රජය ගත් තීන්දුවට එරෙහිවයි.