හෝර්ටන් ජාතික වනෝද්‍යානයේ නෙළු වසන්තය නැරඹීමට පැමිණෙන්නේ නම් ජාතික උද්‍යානයේ පවතින නීතිරීති අනුව කටයුතු කළ යුතු බව හෝර්ටන්තැන්න ජාතික උද්‍යාන භාරකර සිසිර රත්නායක මහතා පවසනවා.
සිසිර රත්නායක මහතා මේ බව කියා සිටියේ වසර 12කට පසු මෙවර නෙළු මල් වර්ග හතරක් එකට පිපී ඇති බවත් එය නැරඹීම සඳහා සති අන්තයේ සහ නිවාඩු දිනවල අධික සංචාරකයන් පිරිසක් සහ වැඩි රථ වාහන ප්‍රමාණයක් හෝර්ටන්තැන් ජාතික උද්‍යානය පැමිණෙන බවයි.
එසේ එන ඇතැම් පිරිස් ජාතික උද්‍යානයක නීතිරීතිවලට පටහැනිව කටයුතු කර ඇති බවත් එම පිරිස සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ බවත් සිසිර රත්නායක මහතා වැඩිදුරටත් පවසනවා.