ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව ලබාගැනීම සම්බන්ධයෙන් තම වරප්‍රසාද කඩවීමක් සිදුව ඇති බව සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධාක්‍රිෂ්ණන් මහතා පවසනවා.
මාධ්‍ය වෙත මේ බව පැවසූ රාධාක්‍රිෂ්නන් මහතා එහිදී වැඩිදුරටත් මෙලෙස කියා සිටියා.
ජාතික ජල බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා විසින් අගමැතිවරියගෙන් අසන ලද වාචික ප්‍රශ්නයකට අනුව හිටපු ජනපතිවරුන්ගේ හිතවතුන්ට 2005 වර්ෂයට පසුව ජනාධිපති අරමුදල මගින් මුදල් ලබාදීම පිළිබඳ අගෝස්තු මස 05 වන දින විමසීමක් කරන ලදී.
එම නම් ලැයිස්තුව තුළ 2006 වර්ෂයේ හිටපු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන වී. රාධාක්‍රිෂ්නන් මහතා වෙනුවෙන් කේ. රාධක්‍රිෂ්ණන් මහත්මියට විදේශ ශිෂ්‍යත්වයක් ලබාදුන් බව සඳහන් විය.
එම ප්‍රකාශය පදනම් කරගෙන වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මා හට අපහාස වන අන්දමේ අසත්‍ය පුවත් සමාජ මාධ්‍ය තුළ සමහර විද්‍යුත් මාධ්‍යවල සංසරණය වෙමින් පවතිනවා.
එහෙත් එහි සඳහන් වූ වී. රාධකේරිෂ්නන් නාමය පෙරුමාල් පිල්ලේ රාධා ක්‍රිෂ්ණන් විය යුතු අතර ඉන් සඳහන් වන්නේ වේලුසාමි රාධාක්‍රිෂ්ණන් වන මා පිළිබඳ නොවන බවටත් එවකට මා පළාත් සභාව නියෝජනය කළ මන්ත්‍රීවරයෙක් බවත් පාර්ලිමේන්තුව නියෝජනය නොකළ බවටත් පාර්ලිමේන්තුවටත් රටේ මහජනතාවට ප්‍රකාශ කර සිටින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.