මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයන්ට ඇදහැලෙන අධික වැසි සහ දැඩි සුළං හේතුවෙන් හැටන් නුවරඑළිය සහ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට පස් කඳු කඩාවැටීමේ අවදානමක් පවතින නිසා එම මාර්ගවල රථවාහන ධාවනය කිරීමේදී සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ විදුලිය රැහැන් සහිත කණුවක් සමග පස් කන්දක් කඩාවැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු එක් මන්තීරුවකට සීමා කෙරුණා.