දිට්වා සුළි කුණාටුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයට විශාල විනාශයක් සිදු වූ බවත් නුවරඑළිය තිබුණු තත්ත්වයට වඩා හොඳ තත්ත්වයේ තිබෙන නුවරඑළියක් බවට පත් කිරීමට සියලු දෙනා එක්වී කටයුතු කළ යුතු බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවසනවා.
අගමැතිවරිය මේ බව කියා සිටියේ අද(13) දින නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇති වූ ආපදා තත්ත්වය මත පාසල් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, විදුහල්පතිවරුන් දැනුවත් කිරීම සඳහා සිනෙසිටා නගර සභා ශාලාවේ පැවැති සාකච්ඡාවකදීයි.
මෙම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ කුමන අඩුපාඩුකම් තිබුණද එම අඩුපාඩුකම් අංගසම්පූර්ණ කරගන්නා තෙක් නොසිට තිබෙන සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගෙන ළමුන්ට උසස් අධ්‍යාපනයක් ලබාදෙන ලෙසයි.
මෙම අවස්ථාවට අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න, නුවරඑළිය දිස්ත්‍රි පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි, අනුෂ්කා තිලකරත්න, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය ඇතුළු විශාල පිරිසක් සහභාගි වී තිබෙනවා.













