මේ දිනවල නුවරඑළිය සංචාරය සඳහා විදේශිකයන් විශාල පිරිසක් පැමිණ ඇති බව නුවරඑළිය සංචාරක හෝටල් සංගමයේ සභාපති මහින්ද දොඩම්පගමගේ මහතා පවසනවා.
එසේ පැමිණි සංචාරකයන් නුවරඑළිය ප්‍රධාන තැපැල් කාර්යලය වෙත ගොස් නුවරඑළිය සංචාරයේ මතක සටහන් තැබීම සඳහා එරට ඔවුන්ගේ ලිපිනයට තැපැල් කාර්යාලයේ සිට තැපැල්පත් යොමු කරන ආකාරය දක්නට ලැබුණා.
නුවරඑළිය සංචාරයෙන් පසුව එම පිරිස අඹේවෙල දුම්රිය ස්ථානය වෙත ගොස් ඇල්ල දක්වා ගමන් කිරීමටද සැලසුම් කර ඇති බවයි එම විදේශිකයන් සමග පැමිණි මගපෙන්වන්නන් කියා සිටියේ.













