පළාත් පාලන මැතිවරණයෙන් සමගි ජන බලවේගය නියෝජනය කරමින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන අටකට තරග කර තේරී පත් වූ සභිකයන් ඊයේ(06) දිවුරුම්දී තිබෙනවා.
ඒ සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය මහතා ඉදිරියේ හැටන් කොටගල පිහිටි පෞද්ගලික උත්සව ශාලාවකදීයි.
නුවරඑළිය මහ නගර සභාව, තලවාකැලේ සහ හැටන් දික්ඔය නගර සභාව, නුවරඑළිය, කොටගල, ආගරපතන, නෝර්වුඩ්, මස්කෙළිය සහ අඹගමුව යන පළාත් පාලන ආයතනවලට තේරී පත්වූ සභිකයන් 35 දෙනෙකු දිවුරුම්දී තිබෙනවා.
මෙම දිවුරුම්දීමේ උත්සවයේදී අදහස් දැක්වූ ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ජීවන් තොණ්ඩමන් මහතා කියා සිටියේ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් අනෙකුත් පක්ෂ සමග සාකච්ඡා කරමින් සිටින බවත් එම සාකච්ඡාවලදී ගනු ලබන තීරණ ඉදිරියේදී දැනුම්දීමට කටයුතු කරන බවයි.