දිට්වා සුළු කුණාටුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආපදාවට පත් පාසල් ළමුන් සඳහා 2026 වසරේ පාසල් වාරයට අවශ්‍ය පොත්පත් බෑග් සහ පාවහන් ලබාදීමට සිංගප්පූරුවේ මහාබෝධී බෞද්ධ සංගමය ඉදිරිපත් වී තිබෙනවා.
සිංගප්පූරුවේ මහාකරුණා බෞද්ධ සංගමයේ ප්‍රදාන අනුශාසක ආචාර්ය කරදතියන ගුණරතන හිමියන්, අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාර තෙන්නකෝන් මහත්මිය අද(15) දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා එම උපකරණ ලබාදීමට උන්වහන්සේ කැමැත් ප්‍රකාශ කර තිබෙනවා.
ශ්‍රී පාද කල්පවෘක්ෂ විහාරයේ විහාරාධිපති දෙහිපේ නන්ද හිමියන්ගේ ඉල්ලීමක් මත සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ ප්‍රධාන අනුශාසක ආචාර්ය කරදතියන ගුණරතන හිමියන් දිවයිනට පැමිණ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආපදාවට පත් පාසල් ළමුන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉහළ දැමීමට අවශ්‍ය උපකරණ ලබාදීම සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගොස් නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍යවරයා සහ දිසාපතිතුමිය සමග එක්ව සාකච්ඡා කර තිබෙනවා.
සිංගප්පූරුව, තායිවානය,මැලේසියාව සහ චීනය යන රටවල් මේ සඳහා සහයෝගය දැක්වීමට තමන් සමග එකඟතාවය පළ කර ඇති බවත්, මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරියගෙන් ලැබෙන ඉල්ලීම පරිදි පාසල් ළමුන්ට පාසල් පොත්, පාසල් බෑග් සහ පාහන් ලබාදීමට පියවර ගන්නා බවත් සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ ප්‍රධාන අනුශාසක ආචාර්ය කරදතියන ගුණරතන හිමියන් කියා සිටියා.











