නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්ක සඳහා නිකුත් කරන ලද පළමු මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
එමෙන්ම, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
තවද, උතුරු පළාතේත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවත්, සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසනවා.