නුවරඑළිය ප්‍රදේශයේ පසුගිය දින කිහිපයේ පැවැති අධික වියළි කාලගුණික තත්ත්වය අවසන් කරමින් ඊයේ(02) දින පස්වරු 3 සිට 4 දක්වා තද වැසි පතිත වී තිබෙනවා.
අධික වැසි සමග නුවරඑළිය ලබුකැලේ වතුයායේ යුකැලිප්ටස් ගසකට අකුණු සැර පතිතවීමෙන් ඒ අසලින් ගමන් ගත් තිදෙනෙකුට සුළු තුවාල ලබා තිබෙනවා.
පවතින වියළි කාලගුණයත් සමග නුවරඑළියේ එළවළු වගාවට සහ තේ වගාවට දැඩි බලපෑමක් එල්ල කළ අතර නුවරඑළිය ප්‍රදේශය පුරා උග්‍ර පානීය ජල ගැටලුවක්ද මතු වූවා.














