කොහුවල හන්දියත් නුගේගොඩ හන්දියත් අතර ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් විසින් ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඇති බවයි.
වෙඩි ප්‍රහාරය අද(22) රාත්‍රී 8.30ට පමණ සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළුත් කර තිබෙනවා.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 25ක් පමණ වූ බෝධියාවත්ත, කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොහුවල පොලිසිය සහ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













