රුපියල් හැට අට ලක්ෂ අසූ පන් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ විද්‍යුත් දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙනවිත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ”හරිත මාවත” (Green Channel) ඔස්සේ පිට කරගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(17) දින සවස ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
පානදුර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි මොහු ගුවන් යානා ප්‍රවේශ පත්‍ර අලෙවි කරන්නෙකි.
මොහු අද(17) දින පස්වරු 05.00 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 03 ක් තුළ, විදේශීය නිෂ්පාදිත දුම්වැටි 44,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 222 ක් සහ විද්‍යුත් දුම්වැටි 15 ක් ද සඟවා ගෙන සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොහු අත් අඩංගුවේ තබාගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.













