නීති විරෝධීව මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය සඳහා සූදානම් කර තිබූ බීඩි කොළ කිලෝ 617ක් සමග කැබ් රථයක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවික හමුදාව කියා සිටියේ නාවික හමුදාව සහ පොලිසිය එක්ව කල්පිටිය, කුඩාව ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම නීති විරෝධී බීඩි කොළ තොගය අත්අඩංගුවට ගැනුණු බවයි.
අදාළ මෙහෙයුමේදී සැකකටයුතු කැබ් රථයක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
එහිදී නීති විරෝධීව රට තූල ගෙනවිත් ප්‍රවාහනය සඳහා සූදානම් කර තිබූ අදාළ බීඩි කොළ තොගය සමග කැබ් රථය අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.













