නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් හය දෙනෙක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවික හමුදාව කියා සිටියේ පසුගිය 21 වැනිදා සිට 24 වැනි දින දක්වා කාලය තුළ දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදු කරන ලද මෙහෙයුම් මගින් මෙම පිරිස් අත්අඩංගුවට ගත් බවයි.
ඒ අනුව ත්‍රීකුණාමලය බ්ලැක් පොයින්ට්, කෝකිලායි සහ ඉරක්කන්ඩි වෙරළ සහ මුහුදු ප්‍රදේශ ආවරණ වන පරිදි නැගෙනහිර නාවික විධානය විසින් ද යාපනය කඩෙයිකාඩු වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි උතුරු නාවික විධානය මගින්ද මෙම මෙහෙයුම් සිදු කර තිබෙනවා.
එහිදී අදාළ පුද්ගලයන්ට අමතරව ඩිංගි යාත්‍රා 4ක්ද නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන්, තහනම් ධීවර ආම්පන්න, ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රීකුණාමලය, මුලතිව්, කුච්චවේලි සහ යාපනය ධීවර පරීක්ෂක කාර්යාල වෙත භාරදීමට නාවික හමුදාව පියවර ගෙන තිබෙනවා.












