මන්නාරම නඩුකුඩා මුහුදු වෙරළ තීරයේදී සිදු කරන ලද විශේෂ සෝදිසියකදී නීති විරෝධීව සඟවා තිබූ බීඩි කොළ කිලෝ 1365ක් සහ බීඩි 29000ක තොගයක් සොයා ගත් බව නාවික හමුදාව පවසනවා.
උතුරු මැද නාවික විධානය විසින් සිදු කරන ලද සෝදිසියකදී නඩුකුඩා මුහුදු වෙරළ තීරය ආසන්නයේ පිහටි කැලෑබද ප්‍රදේශයක අදාළ බීඩි කොළ සහ බීඩි තොගය සඟවා තිබියදී නාවික හමුදා නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.
අදාළ බීඩි කොළ සහ බීඩි තොගය රැගෙනවිත් සඟවන ලද පුද්ගලයින් කවුරුන්දැයි යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් මෙලෙස කැලෑවේ සඟවා පසුව වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමට ජාවාරම්කරුවන් විසින් සැලසුම් කරන්නට ඇති බවට නාවික හ මුදාව සැක පළ කරනවා.
සොයාගත් බීඩි කොළ සහ බීඩි තොගය වැඩිදුර විමර්ශන සඳහා මන්නාරම සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලයට භාරදීමට පියවර ගත් බවයි නාවික හමුදාව පවසන්නේ.