වලංගු බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් සමග මුහුදු කූඩැල්ලන් 1240ක පමණ තොගයක් සහ කැබ් රථයක් නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව යාපනය වෙලතිතුරෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව ආයතනය, යාපනය විශේෂ කාර්ය බලකාය හා එක්ව මෙම මෙහෙයුම සිදු කර තිබෙනවා.
ඒ අනුව වේලතිතුරෙයි ප්‍රදේශයේ සිදු කරන ලද මෙහෙයුමේදී සැකකරුවන් දෙදෙනෙක් මුහුදු කූඩැල්ලන් තොගය සහ කැබ් රථය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් වයස අවුරුදු 24ක් සහ 50ක් පමණ වන අල්ලප්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් බවයි නාවික හමුදාව පවසන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මුහුදු කූඩැල්ලන් තොගය සහ කැබ් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.