තහනම් ධීවර දැල්, පුපුරණ ද්‍රව්‍ය සහ නීති විරෝධී පන්න ක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු කළ පුද්ගලයන් 50 දෙනෙක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම පිරිස සමග ඩිංගි යාත්‍රා 13ක් කුඩා යාත්‍රාවක් සහ යතුරු පැදියක්ද සිය භාරයට ගත් බවයි නාවික හමුදාව පවසන්නේ.
ශ්‍රී ලංකාව නාවික හමුදාව පසුගිය ඔක්තෝබර් මස 27 වැනිදා සිට නොවැම්බර් මස 10 වැනිදා දක්වා වූ කාලය තුළ දේශීය ජල තීරය ආවරය වන පරිදි සිදු කරන ලද මෙහෙයුම්වලදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව ත්‍රිකුණාමලය, ඉරක්කන්ඩි, ලංකාපටුන, කෝකිලායි, බෝල්ඩර් පොයින්ට්, වාකරේ, ජයනගර්, කින්නියා සහ ජින්නා පුරම් වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණ වන පරිදි නැගෙනහිර නාවික විධානය විසින් මෙහෙයුම් සිදු කර තිබෙනවා.
මීගමුව වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි බටහිර විධානය විසින්ද ගාල්ල, බලපිටිය සහ අම්බලන්ගොඩ මුහුදු සහ වෙරළ ප්‍රදේශ ආවරණය වන පරිදි දකුණු නාවික විධානය විසින්ද මෙහෙයුම් සිදු කර තිබෙනවා.
ගිනිකොණදිග නාවික විධානය විසින් මෙහෙයුම් සිදු කර ඇත්තේ අඩ්ඩාලච්චේන මුහුදු සහ වෙරළ ප්‍රදේශ ආවරණය වන පරිදියි.
මන්නාරම, පල්ලේමුනෙයි වෙරළ ප්‍රදේශ අවාරණය වන පරිදි මෙහෙයුම් සිදුකර ඇත්තේ උතුරු මැද නාවික විධානය විසිනි.
අත්අඩංගුවට ගත් සැකකරුවන්, තහනම් ධීවර ආම්පන්න, ධීවර යාත්‍රා සහ යතුරු පැදිය ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රීකුණාමලය, මීගමුව, ඊච්චලම්පත්තු, මුලතිව්, කුච්චවේලි, වාලච්චේන නැගෙනහිර, ගාල්ල, කින්නියා, කල්මුනෙයි සහ මන්මුනෛයි උතුරු ධීවර පරීක්ෂක කාර්යාල වෙත භාරදුන් බවයි නාවික හමුදාව පවසන්නේ.













