බලපත්‍ර නොමැතිව ඩීසල් තොග සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් තඹලගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ඊයේ(02) සවස් කාලයේදී තඹලගමුව, මොල්ලිපොතාන ප්‍රදේශයේදී තඹලගමුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරු මත සිදුකළ වැටලීම් දෙකකදී මෙම ඩීසල් තොග සිය භාරයට ගෙන ඇති බවයි.
එහිදී බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 1430ක් සහ බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 615ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනුණු බවද පොලිසිය කියා සිටියා.
සැකකරුවන් වයස අවුරුදු 41ක් සහ 61ක් යන වයස්වල පසුවන ත්‍රීකුණාමලය සහ තඹලගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලිසිය පවසනවා.
තඹලුගමව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.














