නීති විරෝධිව එකලස් කළ කෝටි 03ක් පමණ වටිනා සුඛෝපභෝගි වාහනයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ගණේමුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ගරාජ් හිමිකරුවෙකු සතුව තිබියදීයි ඊයේ වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය මගින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.
වැඩිදුර විමර්ශනයේදි මෙම රථය මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සිටි දුෂිත නිලධාරින් සමඟ සම්බන්ධතා පවත්වන ලද පුද්ගලයෙකු විසින් ගැණුම්කරු වෙත විකිණිම සිදුකර ඇති බවට හෙළිව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රථය ගණේමුල්ල පොලිස් ස්ථානයට භාරදී ඇති බවයි සදහන් වන්නේ.