
නිති විරෝධී ධීවර කටයුතු මැඩ පැවැත්වීමේ මෙහෙයුම් යටතේ සැකකරුවන් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ නාවික හමුදාව විසින් සිදු කළ වැටලීමකදිි. මෙහිදී, ඩිංගි යාත්‍රා 10 ක් සහ කැනොයි යාත්‍රා 2 ක් ද නාවික හමුදාව භාරයට ගනු ලැබුවා.
ත්‍රිකුණාමලය සූඩයිකුඩා, ස්විට් වේ, යාපනය, උඩුත්තුරායි, වෙත්තලකේනි, කඩ්ඩෙයිකාඩු, වලෙයි, සිලාවතුර සාවාරිපුරම් වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි නැගෙනහිර , උතුරු සහ වයඹ නාවික විධාන විසින් මෙම මෙහෙයුම් සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ.
සැකකරුවන් වාණිජ පුපුරණ ද්‍රව්‍ය තහනම් ධීවර ආම්පන්න සහ ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, මුතූර් යාපනය, මන්නාරම යන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව කාර්යාලයන් සහ මරුදන්කේනි පොලිස් ස්ථානය වෙත භාර දීමටයි පියවර ගෙන ඇත්තේ.














