නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 47 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
තලෙයිමන්නාරම සහ ඩෙල්ෆ්ට් දුපත් ආසන්න මුහුදු ප්‍රදේශයේදී එම ධීවරයින් නාවිකා හමුදා භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එහිදි අදාළ ධීවරයින් පැමිණි බෝට්ටු 5ක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
අදාළ ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා ධීවර පරීක්ෂක කාර්යාල වෙත භාරදී ඇති බවටයි වාර්තා වන්නේ.