තීරුබදු රහිතව නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද දුම්වැටි එක් ලක්ෂ 68,000 ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු මන්නාරම ඔලුතුඩුවායි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම ඊට ආධාර අනුබල දුන් ඉන්දියානු ජාතිකයෙකු ද අත්අඩංගුවට ගත් බවයි මන්නාරම පොලිස් ස්ථානය සදහන් කළේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මන්නාරම ඒකකයේ නිලධාරීන් කණ්ඩායමට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබෙනවා.