හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කළ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලූ කොමිසම සිදුකර තිබෙන නිර්දේශ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු නොකිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.
මේ පිලිබඳ නීතිපතිවරයා වීසින් අභියාචනාධිකරණයට දැනුම් දී ඇති බව සඳහන්.
අදාළ කොමිසම සිදුකර තිබෙන නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු මහත්වරුන් පිරිසක් ගොනුකර තිබූ පෙත්සම් කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපති සංජේ රාජරත්නම් මහතා මෙම දැනුම්දීම සිදුකලා.