ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා .
එහි සදහන් කර ඇත්තේ නව පොලිස්පති ධුරය ඇතුළු සෙසු ප්‍රධාන තනතුරු සඳහා පුද්ගලයින් පත් කිරීමේදී ඒ සම්බන්ධයෙන් විනිවිදභාවයකින් කටයුතු කළ යුතු බවයි .
අදාළ පත් කිරීමේ ක්‍රමවේදය පිලිබදව මහජන විශ්වාසයක් ඇති කිරීමට නම් එසේ සිදු කල යුතු බවද ඔවුන් අවධාරණය කර සිටිනවා .
ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් එම ලිපිය ජනාධිපතිවරයාට මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින්ට යොමු කර තිබෙනවා .