නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව ඩීසල් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් කටුනායක සහ හලාවත යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ඊයේ(19) රාත්‍රී කාලයේදී කටුනායක, හීනටියන ප්‍රදේශයේදී නීති්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව ඩීසල් ලීටර් 410ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
කටුනායක පොලිසියේ නිලධාරීණ් කණ්ඩායකට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 40ක් පමණ වූ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය කියා සිටියේ.
කටුනායක පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මේ අතර හලාවතf පාලිස්යේ නිලධාරීන් පි රිසකට ලද තොරතුරක් මත ඊයේ (19) සවස් කාලයේදී හලාවත, මුදලියාවෙල ප්‍රදේශයේදී සිදු කරන ලද වැටලීමකදී නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව ඩීසල් ලීටර් 55ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පවසන්නේ සැකකරු වයස අවුරුදු 73ක් පමණ වන ඉලප්පදෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.
හලාවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.














