දින හතක් වයසැති නිවුන් දරුවන් දෙදෙනෙකු අලෙවි කිරීමේ සිද්ධියකට අදාළව කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය ප්රකාශ කළේ නිවුන් දරුවන්ගේ මව සහ දරුවන් මිලදී ගැනීමට පැමිණි කාන්තාවන් දෙදෙනෙකු එලෙස අත්අඩංගුව ගත් බවයි.
පිළියන්දල ප්රදේශයේ පදිංචි 29 හැවිරිදි මව, මෙලෙස සිය දරුවන් රුපියල් පනස් දහසක මුදලකට විකුණා ඇත්තේ පොළොන්නරුව සහ රාගම ප්රදේශවල කාන්තාවන් දෙදෙනෙකු හටයි.
මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පිළියන්ද පොලිසිය මගින් ක්රියාත්මක බවයි අප වාර්තාකරු කියා සිටියේ.