ලොව වායු දූෂණය ඉහළම නගර අතරට අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර ඇතුළත්ව තිබෙනවා.
වායු ගුණත්වය සෞඛ්‍යයට අහිතකර අගයක් දක්වා වර්ධනය වීමත් සමගයි නිව්යෝර්ක් නුවර ලොව වායු දූෂණය ඉහළම නගර අතරට එක්ව ඇත්තේ.
විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ කැනඩාවේ හට ගෙන තිබෙන ලැව් ගිණි අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර වායු ගුණත්වය පිරිහිමට හේතු වී ඇති බවයි.
ලොව වායු ගුණත්ව දර්ශකයට අනුව අපිරිසිදුම වාතාශ්‍රයක් සහිත රටවල් අතර පෙරමුණේ සිටින්නේ ඉන්දියාව වන අතර දෙවන ස්ථානයට අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පත්ව තිබෙනවා.