ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ නිව්යෝර්ක් නගරාධිපති මම්දානි සොහ්රාන් අතර හමුවක් සිදුව තිබෙනවා.
නිව්යෝර්ක් නගරාධිපති ධුරය සඳහා ඩිමොක්‍රටික් පාක්ෂික මම්දානි තේරීපත් වීම ලෝකයේම විශේෂ අවධානයට ලක්වුණා.
ඇමෙරිකා ජනාධිපතිවරයා හා මම්දානි අතර නිරන්තරයෙන් විවේචනාත්මක අදහස් හුවමාරුවීම් පසුගිය කාලය පුරාම දක්නට ලැබුණා.
මම්දානි සොහ්රාන් නිව්යෝර්ක් නගරාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව පළමුවරට ජනාධිපති ට්‍රම්ප් ධවල මන්දිරයේ දී හමුවුණා.
මාස ගණනාවක් තිස්සේ දෙදෙනා අතර පැවති අපහාසාත්මක වචන හුවමාරු කර ගැනීම් පසෙකලා දෙදෙනා අතර සුහදශීලි කතාබහක් ඇති වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
දැරිය නොහැකි ජිවන වියදම හා උද්ධමනය හේතුවෙන් පාලක පක්ෂය කෙරෙහි දැඩි කළකිරීමට ලක්ව සිටි ජනතාව ඩිමොක්‍රටික් පාක්ෂික මම්දානි නගරාධිපති ලෙස තෝරාපත් කර ගැනීමට කටයුතු කළා.
කෙසේ වුව ද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා එක්ව ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ඉදිරියට කටයුතු කරන බවට නිව්යෝර්ක් නගරාධිපතිවරයා ට්‍රම්ප් ජනාධිපතිවරයාට පොරොන්දු වී තිබෙනවා.
උණුසුම් පුවත්
- සියඹලාණ්ඩුවේ මළගෙදරක යන්න ගිය 7 දෙනෙක් ළඟ මත්ද්‍රව්‍ය
- අද දවසේ කාලගුණ තත්ත්වය
- ගායන ශිල්පී රාජු බණ්ඩාර ජීවිතක්ෂයට පත්වෙයි
- පොල්ලකින් ගසා පුද්ගල ඝාතනයක් කළ ීඔත් නිලධාරියා පොලිසියට භාරවෙයි
- වතුකරයේ ජනතාව සූර්ය රාජයා නමදිමින් තෛපොංගල් උත්සවය සමරයි
- PHOTOS: දිට්වා නිසා නැවතුණු කෝච්චියක් මාස දෙකක් තිස්සේ උලපෙන් සහ ගම්පොළ අතර
- කිරි තේ මිල පහළට
- කාලගුණයෙන් නිවේදනයක්













