මධ්‍යඹ කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ(18) රාත්‍රීයේ සිට ඇදහැලෙන දැඩි වර්ෂාවත් සමග හැටන් සමනළගම ජනපදයේ නිවසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් එම නිවාසට දැඩි අලාභ හානි සිදුව ඇති බව හැටන් පොලිසිය පවසනවා.
පැවැති අධික වර්ෂාවත් සමග අද(19) අලුයම 4.30ට පමණ පස් කන්ද කඩා වැටුණු බවත් පස් කන්ද කඩා වැටීමෙන් නිවසේ බිත්ති පුපුරා ගොස් නිවසේ විසිත්ත කාමරයට දැඩි අලාභ හානි සිදුව ඇති බවත් නිවසේ හිමිකරුවන් පවසනවා.
පස් කන්ද කඩා වැටීමෙන් හානි වූ නිවසේ පදිංචිකරුවන්ට වැසි තත්ත්වය පහව යන තෙක් ආරක්ෂිත ස්ථානයක් කරා යන ලෙසට හැටන් දික්ඔය නගර සභාව මගින් උපදෙස් ලබාදී තිබෙනවා.
හැටන් සමනළගම ජනපදය නායයාමේ අවදානම් ප්‍රදේශයක් බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් හඳුනාගෙන ඇති අතර එම ජනපදයේ පදිංචිකරුවන් කිහිපදෙනෙකුට හැටන් ප්‍රදේශයේම වෙනත් ස්ථානයක ඉඩම් ලබාදී තිබෙනවා.
මේ අතර නෝර්ටන්බි්‍රජ් විමලසුරේන්ද්‍ර ජල පෝෂක ප්‍රදේශවලටද අධික වැසි ඇදහැලීම හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය අද(19) උසෑසන සිට වාන් දැමීමට පටන්ගෙන තිබෙනවා.
ජලාශය වාන් දැමීමත් සමග කැලණි ගඟේ ජල මට්ටම තරමක් ඉහළ ගොස් ඇති බවයි නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකය පවසන්නේ.
මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වැසිත් සමග කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම් පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බවත් ජල මට්ටම ඉහළ යාමත් සමග කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදුකරන බවයි එම ජලාශභාර ඉංජිනේරුවන් කියා සිටියේ.