ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් ප්‍රේමරත්න මහතා තීරණය කර තිබෙනවා.
ඒ අනුව නිරෝෂන් ප්‍රේමරත්න මහතා ඊයේ සමගි ජන බලවේගයේ තංගල්ලේ පැවති ජන රැළියට එක්වුණා.
එහිදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රටේ ජනතාවගේ අනාගතය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතාට සහය දක්වන බවයි.