නිරිතදිග සයිප්‍රසයේ වෙරළබඩ නගරයක් වන පැෆොස් සිට කිලෝමීටර් 16ක් පමණ ඊසාන දිශාවෙන් භූමිකම්පාවක් ඇතිව තිබෙනවා.
යුරෝපීය-මධ්‍යධරණී භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය සඳහන් කරන්නේ, එරට වේලාවෙන් (12 වනදා) රාත්‍රී 11.31ට පමණ රික්ටර් මාපකයේ 5.7ක් වූ භූමිකම්පාවක් අනාවරණය වූ බවයි. එහි අපිකේන්ද්‍රය පෘථිවියේ පතුලේ කිලෝමීටර් 10ක පමණ ගැඹුරක පිහිටා තිබුණි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම භූමිකම්පනයේ තද භාවය උතුරු ඊශ්‍රායලය ඇතුළු සමීප ප්‍රදේශවල ජනතාවටද දැනී ඇති බවයි.













