ගැටලු රැසක් මතු වූ නිර්වින්දන ඖෂධ 2 ක් භාවිතයෙන් ඉවත් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඒ වෙනුවට වෙනත් නිර්වින්දන ඖෂධයක් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සදහන් කළා.
එම ඖෂධ තොගය හෙට දිවයිනට ලැබෙන බවද ඔහු ප්‍රකාශ කළා.
හඬ පට ධාවකයඑමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අසේල ගුණවර්ධන මහතා මෙම නිර්වින්දන ඖෂධ සම්බන්ධ අදහස් පළ කළා.
හඬ පට ධාවකයමේ අතර පසුගියදා අදාළ නිර්වින්දන ඖෂධ භාවිතා කර සැත්කම් සිදු කළ කාන්තාවන් කිහිපදෙනෙකු මිය යාමත් සමග මෙම නිර්වින්දන ඖෂධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණා.