පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැනීම් කරමින් සිටි සැකකරුවන් සි්දෙනෙක් ඉඟිනියාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ලද තොරතුරක් මත ඉඟිනියාගල කොක්නහර ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
වැටලීමේදී අම්පාර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40, 47, 51 සහ 57 යන වයස්වල පසුවන සැකකරුවන් සිව්දෙනෙක් අත්ඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ඉඟිනියාගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.