පුරාවස්තු සෙවීමේ අරමුනින් කැනීම් සිදු කරමින් සිටි බව කියන සැකකාරියක් ඇතිමලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇතිමලේ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත ඇතිමලේ, ගැමුණුපුර ප්‍රදේශයේදී ඊයේ(21) සිදු කරන ලද වැටලීමකදී සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ ස්ථානයේ කැනීම් කරමින් සිටි සැකකාරිය කැනීම් උපකරණද සමගින් අත්අඩංගුවට ගෙනෙ ඇති අතර එම ස්ථානයේ සිටි සැකකරුවෙක් පලාගොස් ඇති බවත් සැකකරුට අයත් බවට සැක කරන යතුරු පැදියක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකාරිය වයස අවුරුදු 29ක් පමණ වන ගැමුණුපුර ඇතිමලේ ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි පොලිසිය පවසන්නේ.
පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඇතිමලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.