ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ නිකිණි පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා.
බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසුව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පවත්වා ඇත්තේද අද වැනි නිකිණි පුර පසළොස්වක පොහෝ දිනකදීයි.
එසේම අද වැනි නිකිනි පුන් පොහෝ දිනකදී බුදුන් වහන්සේගේ ප්‍රධාන අග්‍ර උපස්ථායක වූ ආනන්ද හිමියන් රහත්භාවයට පත්ව ඇති බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.
පෙර වස් මගහැරුණු භික්‍ෂුන් වහන්සේ පසුවස් එළැඹීම සිදු කෙරෙන්නේත් බුදු රජාණන් වහන්ස්ගේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කරමින් සේරුවිල දාගැබ තැනීම ආරම්භ කර ඇත්තෙත්ද අද වැනි නිකිනි පුර පසළොස්වක පොහෝ දිනකදීයි.
මේ අතර ඓතිහාසික මහනුවර ඇසල පෙරහැර මංගලයයේ අවසන් රන්දෝලි පෙරහැර පැවැත්වෙන්නේද අද දිනයේදීයි.
පෙරහැර අද පස්වරු 6.51ට යෙදී ඇති සුබ නැකතින් උතුරු දිශාභිමුඛව පිටත්ව ශ්‍රී දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දෙ වීදිය ඔස්සේ පැමිණ ඩී.එස්. සේනානායක වීදියේ ගමන් කර රජවීදිය ඔස්සේ ඉහළටවිත් අවසන් මහ රන්දෝලි පෙරහැර ගෙවදීමට නියමිතයි.
මේ අතර නිකිනි පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් වී එෆ්.එම්. සාදු නාද සජීවි විකාශය මෙවර පැවැත්වෙන්නේ දෙනියාය කොටපොල, කොස්මෝදර ශ්‍රී සුබෝධාරාම මහා විහාරස්ථානයේදීයි.