ඇමරිකාවේ බැල්ටිමෝර් හි ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම නෞකාවක් ගැටී සිදු වූ අනතුරින් පුද්ගලයන් 06 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.
මෙම පුද්ගලයන් 06 දෙනා ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවට අනුමාන කරන බවට අමෙරිකානු වෙරළාරත්ෂක බලකා නිලධාරීන් සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ඒ අනුව සෝදිසි මෙහෙයුම් නවතා දමා තිබෙනවා.
ඊයේ අලුයම් කාලයේදී පැටපිස්කෝ ගංඟාව හරහා ඉදිකර ඇති පාලමේ කණුවක මෙම නෞකාව ගැටීමෙන් පසු පාලම කඩාවැටුනු අතර, ඒ මතින් ගමන් කරමින් තිබූ වාහන කිහිපයක් ගඟට වැටී තිබුණා.
මේ අතර මෙම ඛේදවාචකයෙන් බලපෑම් එල්ල වූ මිනිසුන් සිහිපත් කර පාලම නැවත ගොඩ නගන බව මේරිලන්ඩ් ආණ්ඩුකාර වෙස් මුවර ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම පාලම ප්‍රතිනිර්මාණය කිරීම සහ වරාය නැවත ක්‍රියාත්මක කිරීම සඳහා වන සම්පූර්ණ පිරිවැය සිය රජය විසින් දරණ බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














