2026 වසර සඳහා ඉදිරිපත් කරන අය-වැය තුළින් නැඟෙනහිර පළාත වෙනුවෙන් සිදුකරන සංවර්ධන ව්‍යාපෘති සඳහා එම පළාත නියෝජනය කරන මහජන නියෝජිතයන්ට දිස්ත්‍රික් සංවර්ධන කමිටු හරහා යෝජනා ඉදිරිපත් කළ හැකි බව අගමැතිනි හරිනි අමරසූරිය මෙණෙවිය පාර්ලිමේන්තුවේ දී ඊයේ (07) ප්‍රකාශ කළාය.
වත්මන් රජය 2025 වසර තුළදීත් නැඟෙනහිර පළාත වෙනුවෙන් ව්‍යාපෘති සිදුකරන බව ද අගමැතිවරිය ප්‍රකාශ කළාය.
අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවිය මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිසාම් කාරියප්පර් මහතා මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.