ජනාධිපතිවරණයට අදාළ ඡන්දය ගණන් කිරීමේ කටයුතු සිදුකෙරෙන නැගෙනහිර පළාතේ පාසල් දෙකක් නියමිත දිනට පෙර වසා දැමීමට කටයුතු කළ බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස යොදා ගන්න විපුලානන්ද මහා විද්‍යාලය අද සිට වසා දැමෙනු ඇති.
එමෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කයේ ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස යොදා ගන්නා හින්දු විද්‍යාලය අනිද්දා දිනයේ සිට වසා දැමෙන බවයි පළාත් අධ්‍යාපන ලේකම් එච්.ඊ එම්.ඩබ්.ජී.දිසානායක මහතා සදහන් කලේ .
එමෙන්ම ඡන්ද මධ්‍යස්ථාන යොදා ගන්නා සෙසු පාසල් ලබන 20 දා වසා තැබීමට තීරණය කර තිබෙනවා.
එම පාසල් ලබන 23 වෙනිදා සාමාන්‍ය පරිදි විවෘත කෙරෙනු ඇති.
ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් යලි විවෘත කිරීම ලබන 24 වෙනිදා සිදු කිරීමට නියමිතයි.












