ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගැනුණු මත්ද්‍රව්‍ය සහිත බවට සැකකෙරෙන බහුදින ධීවර යාත්‍රාව දික්ඕවිට ධීවර වරායට රැගෙනවිත් තිබෙනවා.
මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට සැක බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් ඊයේ(01) දින සිදු කරන ලද මෙහෙයුමකදී සිය භාරයට ගැනුණා.
ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේ මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන ද්‍රව්‍ය තොගයක් අඩංගුව බහුදින යාත්‍රාවක් යාත්‍රා කරමින් පවතින බවට ශ්‍රී ලංකා නාවික හමුදාවට ලැබුණු විශ්වසනීය තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබෙනවා.
එහිදී යාත්‍රාවේ සිටි සැකකරුවන් හය දෙනෙක්ද නාවික හමුදා බාරයට ගෙන තිබෙනවා.
එලෙස නාවික හමුදා බාරයට ගැනුණු යාත්‍රාවේ තිබූ උර 16ක අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
මේ අතර ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසන්නේ අදාළ යාත්‍රාවේ තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 350කට වැඩි ප්‍රමාණයක් සොයා ගැනුණු බවයි.
එසේම මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන පහකට ආසන්න බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.












